2020 මාර්තු 07 වන සෙනසුරාදා

හෙරොයින් වෙනුවට අයිස් වපුරයි

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 240

I ගයාන් ගාල්ලගේ

දිගින් දිගටම ආරක්ෂක අංශවලට කොටුවන හෙරොයින් වෙනුවට මින්පසුව අයිස් මත්‍ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තීරණය කර ඇතැයි බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ආරක්ෂක අංශවලට හසුවුවහොත් ඒ සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණීය දණ්ඩනය මෙරට නීතිය අනුව ලබා දිය නොහැකි වීමත් සුළු දඩ මුදල් සහ සුළු කාලයක් සිරගත වීමක් පමණක් සිදුකරන නිසා මෙලෙස අයිස් මෙරටට මහා පරිමාණයෙන් ආනයනය කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ. ඉරානයේ සිට අයිස් මෙරටට ආනයනය කරන අතර ඩුබායිහි සිටින දමිළ ජාවාරම්කරැවකු මීට මැදිහත්ව සිටින බවටද වාර්තා වී ඇතැයි බුද්ධි අංශ පවසයි.