2020 මාර්තු 07 වන සෙනසුරාදා

රවී අත්අඩංගුවට

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 439

අධිකරණ වාර්තාකරු l

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රැපියල් කෝටි පන්දහස් දෙසීයක මුදලක් සාවද්‍යව පරිහරණය කිරීමේ සිද්ධියට චෝදනා ලත් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු දසදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

දින දෙකක් පුරා මේ සම්බන්ධව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව සිකුරාදා සවස 5.30ට පමණ අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

රවී කරුණානායක මහතාට අමතරව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස්, එම සමාගමේ අධ්‍යක්ෂ කසුන් පලිසේන, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දසදෙනකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියම කෙරිණි.වරෙන්තු නියෝගය නිකුත් කිරීමට පෙර මෙම නඩුවේ විත්තිකරැවන් සියලු දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01