දේශපාලන වාර්තාකරු l
ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හානිකරන ආකාරයේ තීරණ දිගින් දිගටම ගන්නේ නම් එම කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්විය යුතු යැයි දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික සංවිධාන ගණනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාකර තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ද ඒ ගැන අධ්‍යයනය කරන බවයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු නීතිය හා සාමය පවත්වාගෙන යාම ආදී කාරණා ඉතා හොඳ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක වෙයි. අපේ අධිකරණ ක්‍රමයද පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර විශේෂ පිළිගැනීමකට ලක්ව තිබේ. එවන් පසුබිමක් තුළ බලවත් රටවල මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක් පිළිවෙතකුත් ශ්‍රී ලංකාව වැනි රටවල් ගැන ඊට වඩා වෙනස් පිළිවෙතකුත් අනුගමනය කිරීම අනුමත කළ නොහැකි බව අදාළ සංවිධාන ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.