I ගයාන් ගාල්ලගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අලුත් පක්ෂයක් ආරම්භ කළහොත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හැරගියා සේ සලකා පක්ෂයෙන් ඉවත් කරන බව ශ්‍රීලනිපයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.
වෙල්ගම මහතා පවසන පරිදි කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු කලකිරීමෙන් නොසිටින බවත් පොහොට්ටුව සමඟින් ඇති කරගත් සන්ධානයට සියලු දෙනා එක්ව කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම ඉදිරියේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද අලුත් සන්ධානයට එක්කර ගැනීමට කයුතු කරන බව ඔහු කීය.