I හසිත් අංජන
මහ මැතිවරණයට පෙර නව දේශපාලන පක්ෂ 145ක් අලුතින් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත අයැදුම්පත් ඉදිරිපත් කර තිබේ. එලෙස අයැදුම්පත් ඉදිරිපත් කළ පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා මාර්තු මස 10 වැනිදාට පෙර සම්මුඛ පරීක්ෂණ පවත්වන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
එම ප්‍රකාශකයා පැවසුවේ ඉතිහාසයේ අන් කවර අවස්ථාවකටත් වඩා මෙවර අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ලැබී ඇති බවත්, එම ලැබුණු අයැදුම්පත් සියල්ල පරික්ෂා කිරීමෙන් අනතුරුව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත්ය. 2009 අංක පනස් අට දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කොමිෂන් සභාව නව පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයැදුම් පත් බාරගැනීම පසුගිය ජනවාරි මාස 17 වැනි දින ආරම්භ කළ අතර එය මෙම මස 17 වැනිදායින් අවසන් විය.