I දේශපාලන වාර්තාකරු
වසර දෙකකට වැඩි කාලයක් කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණය මහ මැතිවරණය නිමවූ සැණින් පවත්වන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂනායක හමුවේදී යෝජනා කර ඇත.
එයට එකඟ වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා ඡන්දය පවත්වන වග සඳහන් කළේය. එය පැවැත්විය යුත්තේ කවර මැතිවරණ ක්‍රමයක් යටතේදැයි පක්ෂ නායකයන් ප්‍රශ්න කළ විට අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන්නේ පළාත් සභා පනත සංශෝධනය කොට මනාප ක්‍රමයට ඡන්දය පැවැත්වීම ඉතාම පහසු ක්‍රමය බවයි. එයට පක්ෂ නායකයෝ එකඟ වූහ. පසුගිය වසර දෙකක කාලය තුළ පළාත් සභා මැතිවරණය කල් දමනු ලැබුවේ මෛත්‍රී - රනිල් ආණ්ඩුවයි. දැන් සියලු පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාර පාලනය යටතේය.