I හසිත් අංජන
ජාතික සමගි බලවේගය ඉදිරි මැතිවරණයට තරග කරන ලකුණ පිළිබඳව ඉදිරි සතියේ ද මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය.
මෙම ගැටයට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පුද්ගලයන් ගණනාවක්ම පසුගියදා සිය කාර්යාලයට පැමිණ ඒ පිළිබඳව විමසූ බවද, එහි කොමසාරිස් සමන්ති මිහිඳුකුල මහත්මිය ඊයේ (20) පැවසුවාය.මෙම සියලුම පුද්ගලයන්ට ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් තොරව රියැදුරු බලපත් ලබාදීම සඳහා රුපියල් 25,000 බැගින් මුදල් අයකර ඇතැයිද ඇය කීවාය. එවැනි කිසිදු වැඩපිළිවෙළක් හෝ ඒ හා සම්බන්ධතාවයක් හෝ සිය දෙපාර්තමේන්තුව තුළ නැතැයිද ඒ පිළිබඳව විමසීමේදී ඔවුන්ට දැනුම්දුන් බවද ඇය සඳහන් කළාය.
අන්තර්ජාලය හරහා සිදුකෙරෙන එවැනි වංචාවන්ට හසු නොවන ලෙස ජනතාවට අවවාද කරන බවද ඇය පවසයි.