2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

එජාපය දිගටම ඡන්ද ලකුණේ පැටලෙයි

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 18

I හසිත් අංජන

ජාතික සමගි බලවේගය ඉදිරි මැතිවරණයට තරග කරන ලකුණ පිළිබඳව ඉදිරි සතියේ ද මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ මැතිවරණයක් කැඳවන තුරු ලකුණ වෙනස් කිරීමට ඇති නොහැකියාව පිළිබඳ ජාතික සමගි බලවේගයේ නීති අංශ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ජාතික සමගි බලවේගයේ ලකුණ පිළිබඳ විමසීමේදී ඔහු කියා සිටියේ පක්ෂයේ ලකුණ පිළිබඳ නීති ප්‍රශ්නයක් හටගෙන ඇති වගය. එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ ඉදිරි මැතිවරණයේදී එජාපය ප්‍රමුඛ සන්ධානය තරග කරන ලකුණ පිළිබඳ තීරණයක් ගැනීමට නැවත වරක් කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන සතියේ රැස්වීමට නියමිතය කියායි.