රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු l
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා කිසිදු විනය හේතුවකින් තොරව තනතුරින් පහළ දමා එම කාර්යාලයේම නියෝජ්‍ය කොන්සල් ජනරාල් ධූරයට පත්කොට කොන්සල් ජනරාල් පදවියට දේශපාලනඥයකු පත්කිරීමට තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. විදේශ අමාත්‍යංශයේ මෙම තීරණය විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා විසින් දැනටමත් සිඩ්නිහි කොන්සල් ජනරාල්වරයාට ලිඛිතවම දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍ය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. දැනට ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් ධූරය දරන ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියා වසර 25කට ආසන්න ජ්‍යෙෂ්ඨතාවක් ඇති නිලධරයෙකි. ඔහු සිඩ්නිහි කොන්සල් ජනරාල් ධූරයට පත්කොට මාස 4කි. එසේ තිබියදී මෙලෙස එකවර ඔහු දේශපාලන පත්වීමක් උදෙසා තනතුරින් පහත හෙළීම පුදුම සහගත තීන්දුවක් යැයි විදේශ සේවා නිලධාරීහු පවසති. විදේශ සේවයේ මෙබඳු ව්‍යාකූල තීන්දු මෙයට පෙර ගෙන නැතැයිද ඔව්හු කියති.
මේ ගැන විදේශ ලේකම්වරයාගෙන් තොරතුරැ දැනගැනීමට අප විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා කිහිපවරක් ඇමතූ නමුත් ඔහු දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.