2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

රන්ජන් රාමනායක කෝප් කමිටුවට

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

I හසිත් අංජන

රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) පත්කර තිබේ.

ඔහු බන්ධනාගාරගත කර ඇත්තේ දුරකතන සංවාදවලට සම්බන්ධ සිද්ධියක් නිසාය. අධිකරණයට බලපෑම් කිරීම, විවිධ නඩු කටයුතු සම්බන්ධ පොලිසියට බලපෑම් කිරීම ආදී චෝදනා රාශියක් ද ඔහුට එල්ල වී ඇත. ඔහු සාමාජිකත්වය දරන පොදු ව්‍යාපාර කාරක සභාව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන ආර්ථික කටයුතුවලට සම්බන්ධ ප්‍රධාන කාරක සභා තුනෙන් එකකි. කෝප් සභාව මගින් විමර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවට අයත් රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ව්‍යවස්ථාපිත ආයතනවල මූල්‍ය කටයුතුය.