I දේශපාලන වාර්තාකරු
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් දිනයේම සහල් මිල ගණන් ඉහළ දැමූ පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙළිදරව් කළේය.
මෙම සහල් ව්‍යාපාරිකයා හිටිඅඩියේ සහල් මිල ගණන් ඉහළ දැමීමත් සමඟ සෙසු වෙළෙඳුන්ද සහල් මිල ගණන් පියවරෙන් පියවර ඉහළ නංවා බරපතළ සහල් මිල ප්‍රශ්නයක් ඇති කළේ යැයි ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
අගමැතිවරයා මෙම හෙළිදරව්ව කළේ රටේ බඩු මිල පාලනය ගැන ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නායකයන්ගේ රුස්වීමේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.