I ජයන්ත සමරකෝන්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සඳහා මේ වනවිට තුන්කොන් සටනක් හටගෙන ඇතැයිද මේ හේතුවෙන් මහ පුටු කිහිපයක්ම පෙරළීමට ඉඩ ඇතැයිද බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ඉහළම තනතුරට විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරයකු පත්කෙරෙන බවට රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සමඟම බන්ධානාගාර මූලස්ථානයේ දෙපාර්තමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙම තනතුරට ඉව අල්ලමින් වත්මන් රජයේ ප්‍රබල දේශපාලනඥයන් පසුපස යන බවද පැවසේ.
දැනට මෙම තනතුර හොබවනුයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරියකු වන අතර පරිපාලන සේවා නිලධාරියා එම තනතුර රැකගන්නට ඉමහත් වෙහෙසක් දරණ බවද දැනගන්නට තිබේ.