2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

කොරෝනා සංචාරක ව්‍යාපාරයේ කොන්ද කඩයි

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 15

I ව්‍යාපාරික වාර්තාකරු

මෙරට සංචාරක ව්‍යාපාරයට (නව කොරෝනා) වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයන්ගේ ආගමනය නැවතී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය බරපතළ වී ඇත.

ගතවූ 2019 වසරේ චීනයෙන් මෙරටට සංචාරකයන් 1,67,863 (එක් ලක්ෂ හැටහත් දහස් අටසිය හැට තුනක්) පැමිණ ඇත. පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරක සංඛ්‍යාව 2,65,965 කි. (දෙලක්ෂ හැටපන් දහස් නවසිය හැට පහකි.) පාස්කු ප්‍රහාරය නිසා 2019 එම සංඛ්‍යාව 36% පමණ අඩුවිය. කොරෝනා වසංගතය නිසා මෙය තවදුරටත් මේ වසරේ අඩාලවෙමින් පවත්නා බව සංචාරක මණ්ඩල ආරංචි මාර්ග කියයි.

2019 දෙසැම්බර් මාසයේ පමණක් චීන සංචාරකයන් 16,648 ක් (දහසය දහස් අටසිය හතළිස් අටක්) ශ්‍රී ලංකාවට පැමිණියේය. 2020 වසරේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්කොට චීන සංචාරකයන් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් එම ඉලක්කය සපුරාගත නොහැකි වනු ඇතැයි සංචාරක මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.