2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ගිහාන් පිලපිටිය සිද්ධිය : පොලිස්පතිගේ කමිටුවේ සභාපති ධුරයට අජිත් රෝහණ

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

ආරක්ෂක වාර්තාකරු l

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට ගෑවුණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ පරීක්ෂණය ගැන නැවත විමර්ශනයට පත්කළ විශේෂ කමිටුවේ සභාපතීත්වයට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පත්ව සිටී. ඔහුට අමතරව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. නන්දන යන මහත්වරැද එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

හඬපට සිද්ධියට ගෑවුණු විනිසුරුවරුන්ට අදාළ පරීක්ෂණ වාර්තා නැවත අධ්‍යයනය කොට ඒ ගැන පූර්ණ වාර්තාවක් පොලිස්පතිවරයා වෙත සැපයීම මෙම කමිටුවේ වගකීම බව වාර්තා වෙයි. අදාළ කමිටුව මේ වනවිටත් එහි කටයුතු ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.