2020 ජනවාරි 25 වන සෙනසුරාදා

සජිත් ආණ්ඩුවෙන් ආරක්ෂාව ඉල්ලයි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

I ආරක්ෂක වාර්තාකරු

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබේ. ඒ සඳහා ඔහු පොලිස්පතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

සජිත්ගේ ලිපිය අනුව ඔහුට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් (S.T.F.) 15 දෙනෙකු සාමාන්‍ය පොලිස් නිලධාරින් 15 දෙනෙකු පසුපස හා පෙර ගමන් රථ දෙකක්. පෙරගමන් මෝටර් සයිකල් දෙකක් ඇතුළු විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ඉල්ලා ඇත.

මේ ගැන රජයේ ආරක්ෂක අංශ දැනට අවධානය යොමු කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතාට ආරක්ෂක තර්ජනයක් තිබේද යන්න ගැන කෙරෙන විශේෂ ඇස්තමේන්තුවකින් පසුව මේ ගැන තීන්දුවක් ගනු ලබන බව ආරක්ෂක අංශ පවසයි.