2020 ජනවාරි 04 වන සෙනසුරාදා

අගමැති රාජ්‍ය අැමැතින්ට විෂයයන් පවරයි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

දේශපාලන වාර්තාකරු l

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති කැබිනට් අමාත්‍යංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය කාර්යභාරයන් හා රාජ්‍ය ආයතන පවරා දෙන අති විශේෂ ගැසට්ටුව ලබන සඳුදා (හෙට දින) නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යංශවලට අනුයුක්ත කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ට අගමැතිවරයා යටතේ ඇති ආයතන රැසක් හා විෂය කාර්ය රැසක් පවරා තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

පසුගියදා අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය ඇමැතිවරුන්ට විෂය පැවරීමට තීරණයක් ගත් අතර කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකුද අග්‍රාමාත්‍යවරයාද සමඟ මෙම විෂය පැවරීම සඳහා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. එහෙත් කැබිනට් විෂයන් හතර පහ භාරව සිටින තවත් කැබිනට් අමාත්‍යවරුන් රැසක් මෙතෙක් සිය රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පවරා නැත. ඒ ගැන රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් රජයට පැමිණිලි කර තිබේ.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01