I චමිඳු නිසල්
රජය සමඟ එකඟ වූ රුපියල් අනූ අටක මිලකට සහල් අලෙවි කිරීම ඉදිරි දින දෙක තුන තුළ විධිමත් කෙරෙන අතර මිල අඩු නොකරන වෙළෙඳුන්ට විරුද්ධව පාරිභෝගික අධිකාරියට නීති ක්‍රියාත්මක කළ හැකි බව මෙරට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයකු සහ සැපයුම්කරුවකු වන ඩඩ්ලි සිරිසේන මහතා දේශයට පැවසීය.
එවිට සුපිරි වෙළඳසලේ සිට සිල්ලර වෙළඳසල් දක්වා නාඩු හාල් කිලෝවක් රැපියල් අනූ අටක මිලකට අලෙවි කෙරෙනු ඇතැයි ඔහු සඳහන් කළේය. මේ වනවිට ගොවි ජනතාව නාඩු සහල් නිපදවිය හැකි වී වර්ග වගා කරන්නේ අඩුවෙන් බව කී ඩඩ්ලි සිරිසේන මහතා නාඩු සහල් හිඟවීමට එය බලපා ඇතැයි ද කීය.
මෙම කන්නයේ වී අස්වනු වෙළඳපොළට ලැබීම පෙබරවාරි මස විසිවැනි දින වනවිට සිදුවෙතැයි අපේක්ෂා කරන බව පැවසූ හෙතෙම ඒ දක්වා තමන් සතුව ඇති නාඩු වී තොග වෙළෙඳපොළට අවශ්‍ය පරිදි නිකුත් කරන වග අවධාරණය කළේය.