I දේශපාලන වාර්තාකරු
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිලකාලය මෙම දෙසැම්බර් මස 31දායින් අවසන් වෙයි. ඉන්පසුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ලබන මාසයේදී පත්කිරීමට නියමිතය. ඒ සඳහා වන සියලුම පත්වීම් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්පූර්ණ සාමාජිකයන් ගණන 92කි. එයින් 20 දෙනකු ඍජුවම පත් කෙරෙන්නේ පක්ෂ නායකයා විසිනි.
ඊට පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨතාව දැනට දරන තනතුරු. පක්ෂයේ නිලතල ආදිය වෙනුවෙන් තවත් පිරිසක් පත් කෙරෙති. ප්‍රාදේශීය දේශපාලනයේ පළාත් සභා නියෝජනය කරන්නටද කෘත්‍යාධිකාරියේ සාමාජික සාමාජිකාවන් පත්කෙරේ.
මේ පත්වීම් ගැන පක්ෂ නායකයා අවසන් තීරණය ගනු ලබන බවත් කෘත්‍යාධිකාරියට පත්කළ හැකි සාමාජිකයන් 92 දෙනාගෙන් 2019 අවසන් වනවිට පත්කර සිටියේ 68 දෙනෙකු පමණක් බවත් ඒ ගැන අප වෙත කරුණු දැක්වූ පක්ෂ ප්‍රකාශකයා පැවසීය.