I ගයාන් ගාල්ලගේ
ආණ්ඩුව දේශපාලන පලිගැනීම් සිදුකරන බවත් ඒවා වහාම නතර කරන ලෙසත් ඉල්ලා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ.
ඊට අදාළ නීති කටයුතු සහ උපදෙස් එජාපයට අනුබද්ධ නිතීඥ කණ්ඩායම් විසින් සිදුකරන බවද මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉන් නොනැවතී තව තවත් විපක්ෂ මන්ත්‍රීන් අත්අඩංගුවට ගැනීම සිදුකළහොත් ඒ ගැන ජාත්‍යන්තරය දක්වා පැමිණිලි කිරීමට එජාප මන්ත්‍රීවරුන් සූදානම් බවද එම එ.ජා.ප. මන්ත්‍රීවරයා කීය.