I දේශපාලන වාර්තාකරු
වාර්ෂිකව ඕස්ට්‍රේලියාවෙන් පුරවැසිකම් ඉල්ලන විදේශිකයන්ගෙන් පස්වැනි ස්ථානය ශ්‍රී ලාංකිකයන්ට හිමිව ඇතැයි එරටින් වාර්තා වෙයි.
එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව එරටින් වැඩිපුරම පුරවැසිකම ඉල්ලා ඇත්තේ ඉන්දීය ජාතිකයන්ය. දෙවැනි ස්ථානය බ්‍රිතාන්‍ය ජාතිකයන්ටද තුන්වැනි ස්ථානය පිලිපීන ජාතිකයන්ටද හිමිව ඇත. සිව්වැනි තැනට පත්ව ඇත්තේ චීන ජාතිකයන්ය. ඕස්ට්‍රේලියානු පුරවැසිකම ඉල්ලා සිටින විදේශ ජාතීන් අතර ශ්‍රී ලාංකිකයන් පස්වැනි තැනට පත්ව ඇතැයි යට කී සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2018 -2019 වසර තුළ ශ්‍රී ලාංකිකයන් 4861 දෙනෙක් ඕස්ට්‍රේලියා පුරවැසිකම ඉල්ලා ඇත.
මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත් නගර ආශ්‍රිතව දැනටමත් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පදිංචිව සිටිති.