2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

විමර්ශනක් බුද්ධි අංශයටම බාර කෙරෙයි

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

I ගයාන් ගාල්ලගේ

මින් ඉදිරියට රාජ්‍ය බුද්ධි අංශ විසින් බුද්ධි තොරතුරු පමණක් නොව බුද්ධි අංශ විමර්ශනයන් ද සිදුකොට රජයට වාර්තා ලබාදියයුතු බව සියලුම බුද්ධි අංශ වෙත ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් ලබාදී ඇත.

පසුගිය රජය විසින් බුද්ධි අංශ විමර්ශන වාර්තා නොකැඳවා බුද්ධි අංශ තොරතුරු මත පමණක් තීරණ ගැනීම හේතුවෙන් විශාල ගැටලු රාශියක් සිදුවී ඇති බව විමර්ශන වලදී තහවුරු වී ඇත. මේ නිසා මින් ඉදිරියට යම් තොරතුරක් ලද පසු අදාළ තොරතුර සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යංශයට ලබාදෙන ලෙසට දන්වා ඇතැයි බුද්ධි ප්‍රධානියෙක් සඳහන් කළේය.

යම් තොරතුරක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් අවශ්‍ය නම් එය පොලිසියට පැවරීමෙන් පසුවද අදාළ මූලික විමර්ශනය සිදුකළ බුද්ධි අංශය ඊට සහය විය යුතු යැයි දැන්වූ බවද එම නිලධාරියා සඳහන් කළේය.