දේශපාලන වාර්තාකරු l
පසුගිය රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇතැයි කියන මූල්‍ය අවභාවිතයන් ගැන නීතිමය විමර්ශනයක් කිරීමට විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් පසුගිය රජයේ වංචා සහ දූෂණ විමර්ශනයට පත්කළ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ප්‍රථම අතුරු වාර්තාව මගින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය මෙහෙයුම් කටයුතු ගැන හෙළිදරව් කිරීම් ගණනාවක් කර තිබිණි. එම වාර්තාව ද පදනම් කරගෙන මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයනු ඇතැයි දැනගන්නට තිබේ.