I දේශපාලන වාර්තාකරු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට පටහැනිව ක්‍රියා කරමින් 2015 වසරේදී හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බලහත්කාරයෙන් සිය ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියාකළ පිරිස් ගැන විධිමත් විමර්ශනයක් කරන ලෙස රජයට ඉල්ලීමක් ලැබී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයට මුල් වූ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ තැනැත්තන් ගැන මුලින්ම විභාග කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ නීතිඥ සංගම් ගණනාවක් මේ වනවිටත් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණිලි කර තිබේ. ඊට අදාළ සවිස්තර තොරතුරැ ඇතුළත් ලිපිගොනු ගණනාවක්ද භාර දී ඇත.
මේ හැර පසුගිය රජයේ දේශපාලනඥයන් සම්බන්ධයෙන්ද පැමිණිලි 60කට වැඩි ගණනක් දැනටමත් ලැබී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.