2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

දෙමළ සන්ධානය මහ ඡන්දයේදී කොළඹටත්

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනකට තරග කිරීමට තීන්දු කිරීමත් සමග දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ ගණනාවක් ඊට දැඩි ලෙස විරෝධය පළකර තිබේ.

පසුගියදා දෙමළ සන්ධානයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී හෙළිදරව් වූයේ ඉදිරි මහ ඡන්දයේදී ඔවුන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනට තරග කළයුතු බවය. එ.ජා.ප.යේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා තම පක්ෂයට මෙම දිස්ත්‍රික්කවලට තරග කිරීමෙන් වාසියක් ලබාගත හැකි යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් පෙන්වා දී ඇත. එහෙත් මෙම තීරණය සැලවීමත් සමග කොළඹ සිට ක්‍රියාත්මක වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් වන මනෝ ගනේෂන්ලා දැඩි ලෙස ඒ ගැන විරෝධය පළකර ඇතැයි කියැවේ. ඒ කෙසේ වෙතත් අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව දෙමළ සන්ධානය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නේ මෙරට කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙකි.

ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ සන්ධානයේ නායකයන් වන ආර්. සම්පන්දන් හා මාවෙයි සේනාධිරාජා යන මහත්වරැ සෞඛ්‍ය හේතූන් මත ඡන්දයට ඉදිරිපත් නොවන වග උතුරෙන් වාර්තා වෙයි. ඒ සමඟ පක්ෂ අභ්‍යන්තරයේ නායකත්ව සටනක්ද නිර්මාණය වී ඇත.