2019 දෙසැම්බර් 06 වන සිකුරාදා

එජාප අගමැති අපේක්ෂක තෝරන්න විශේෂ කමිටුවක්

 2019 දෙසැම්බර් 06 වන සිකුරාදා, ප.ව. 06:55 48

හසිත් අංජන l

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අගමැති අපේක්ෂකයා නම් කිරීම ඒ සඳහා පත් කෙරෙන විශේෂ කමිටුවක් මගින්  සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැන්වීය. 

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂ නායකවරයා තෝරාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදීය. එහිදී රන්ජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ ඉදිරි මහ මැතිවරණය සඳහා එජාප මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දෙන අගමැති අපේක්ෂකයා කල් තබා නම් කළ යුතු බවයි.

ඒ සඳහා හැකි ඉක්මනින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. 

තමන් පත් කරන විශේෂ කමිටුවක් මගින් එම තෝරාගැනීම සිදු කරන්නේ යැයි රනිල් වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ ඊට පිළිතුරු ලෙසය.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01