I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට විකල්පයක් ලෙස නැගෙනහිර පළාතේ මුස්ලිම් නායකයන් විසින් වෙනම විකල්ප මුස්ලිම් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
එම නව මුස්ලිම් දේශපාලන සන්ධානය සඳහා පක්ෂ නායකයන් වන එම්.එල්.ඒ. අතාවුල්ලා, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, හසන් අලි බසීර් සේගුදාවුඩ් යන හිටපු මැති ඇමැතිවරැන් නායකත්වය දෙන අතර රිෂාඩ් බදුයුදීන් මහතාගේ පක්ෂයේ නැගෙනහිර මන්ත්‍රීන් දෙදෙනෙකු හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු ද නව දේශපාලන සන්ධානය සමඟ එක්වනු ඇතැයි දේශයට වාර්තා වෙයි.