2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

එජාප මන්ත්‍රී පිරිසක් ස්වාධීන වෙති

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 428

ගයාන් ගාල්ලගේ Ι

එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් මන්ත්‍රීවරු බහුතර පිරිසක් විපක්ෂයේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බව නම් සඳහන් කිරීමට අකමැති වූ එජාපයේ මන්ත්‍රීවරයකු දේශයට පැවසීය.

එසේ ස්වාධීනව අසුන් ගෙන කථානායකවරයාගෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙසට ඉල්ලීමක් සිදුකරන බව එම මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකකම සහ පක්ෂයේ නායක කම සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් එළඹෙන මැතිවරණය සඳහා වෙනත් ලකුණකින් පොදු සන්ධානයක් බවත් ඉදිරිපත් වීමට එම පිරිස සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.එසේම ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සියලු දෙනාම එකඟත්වය පළකර ඇතැයිද ඒ මන්ත්‍රීවරයා පැවසීය.