2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මුස්ලිම් කොංග්‍රසය එජාපයෙන් ගැලවෙයි?

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

I හසිත් අංජන

දැනට එජාපය සමඟ සන්ධානගතව සිටියත් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන්නේ කවර පක්ෂයක් සමඟ සන්ධානගත වීද යන්න ගැන පක්ෂ උත්තරීතර මණ්ඩලය විසින් තීන්දු කරනු ඇති බව අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා කීය.

දැනට පවතින අන්තර්වාර ආණ්ඩුවක් නිසා සිය පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳ තීරණය කල් තබා පැවසිය නොහැකි බවත් දිවයින පුරා විසිර සිටින මුස්ලිම් කොංග්‍රස් සාමාජිකයන් සමඟ සාකච්ඡා කර එම තීන්දුව රටට දැනුම් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. 

මුස්ලිම් කොංග්‍රසය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී රටෙහි ඉදිරි දේශපාලන වාතාවරණ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01