2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

දෙස්-විදෙස් 8200ක් ඡන්ද නිරීක්ෂණයේ

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 15

I හසිත් අංජන

ජනපතිවරණ දිනයේ සහ ඉන් පසු ගතවන සතිය පුරා පවත්නා දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණයට දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණයන් 8200 ක් පමණ යොදවා ඇතැයි මැතිවරණ කොමිසම සහ දේශීය නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරයි.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට ප්‍රකාශ කළේ මැතිවරණ දෙපාර්තමේන්තුව විශේෂයෙන් කැඳවන ලද විදෙස් නිරීක්ෂකයන් 17 දෙනකු ද මෙම නිරීක්ෂකයන් අතර වන බවයි. ඒ හැර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් දේශීය නියෝජිතයන් 4000 ක් ද පැෆරල් සංවිධානයෙන් දේශීය නිරීක්ෂකයන් 4000 ක් ද මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවනු ලැබ සිටිති.

ඒ හැරෙන්නට වෙනත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් මෙරටට කැඳවන ලද විදෙස් නිරීක්ෂකයෝ 250 ක් පමණ රට පුරා මැතිවරණ රාජකාරිවලට යෙදී සිටිති.