I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් යුද ජයග්‍රහණයට අදාළ ඡායාරෑප ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම පොදුජන පෙරමුණට දැනුම් දී ඇත.
එය නියෝගයක් නොවූවත් ඉල්ලීමක් ලෙස කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පොහොට්ටුව ප්‍රධාන ලේකම්වරයාට ප්‍රකාශ කර තිබේ. යුද්ධයට සම්බන්ධ වූ සරත් ෆොන්සේකා සහ මහේෂ් සේනානායකද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා තිබේ. මේ ඉල්ලීමට නීතිමය පදනමක් පෙනෙන්නට නැතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කරන සැලකීමක් ලෙස යුද්ධයට සම්බන්ධ ඡායාරූප කිහිපයක් පොහොට්ටුව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉවත් කරන බව ඒ ගැන දේශයට කරැණු දැක්වූ පොහොට්ටුව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.