2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

දකුණු ආසියාවෙන්ම අන්තිමයා ලංකාව - ආසියානු සංවර්ධන බැංකුව

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

I ව්‍යාපාරික වාර්තාකරු

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ නවතම ආර්ථික දර්ශක අනුව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය සහිත රට ශ්‍රී ලංකාව බව ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය සතියේ නිකුත් වූ මෙම වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයට දකුණු ආසියාවේ සාර්ක් රටවල් අතර ඉහළම ආර්ථික වර්ධනය වාර්තා කර ඇත්තේ බංග්ලාදේශයයි. එරට වර්ධන අනුපාතය 8.1%කි. දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ නේපාලයටයි. එහි වර්ධන අනුපාතය 7.1%කි. තුන්වැනි තැන හිමිව තිබෙන ඉන්දියාවේ වර්ධන අනුපාතය 6.5%කි. මාලදිවයිනේ වර්ධන අනුපාතයද 6.5%කි. භූතානයේ ආර්ථික වර්ධන අනුපාතය 5.3%කි. පකිස්ථානයේ 3.3%ද ඇෆ්ගනිස්ථානයේ 2.7%ක්ද වර්ධන අනුපාතය ලෙස වාර්තා කරද්දී සාර්ක් රටවල් අතර අඩුම ආර්ථික වර්ධන අනුපාතය වාර්තා කරන ශ්‍රී ලංකාවේ 2019 වර්ධන අනුපාතය 2.6%ක් බව ආසියානු සංවර්ධන බැංකුව වාර්තාකර සිටී.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00