I ගයාන් ගාල්ලගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නැවත තමන් වෙත ලබාගැනීම සඳහා එම පක්ෂයේ සාමාජිකයන් එකතුකර නව සංවිධානයක් පිහිටුවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරන බව ඊට සම්බන්ධ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් (දේශයට) පැවසීය.
ශ්‍රීලනිපයේ හුදකලාව සිටින සාමාජිකයන් ඉදිරියේදී රැස්කොට මේ පිළිබඳ සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය. සාමාජිකයන් සංවිධානය සඳහා කුමාර වෙල්ගම මහතා සම්බන්ධ කර ගැනීමටත් සාකච්ඡා සිදුකර ඇති බවද එම ඔහු කීය.
ශ්‍රීලනිප සුරකිමු සංවිධානයත්, පළාත් පාලන මන්ත්‍රීවරු රැසකගේත් එකතුවෙන් ආරම්භ කරන මේ සංවිධානයෙන් නැවත ශ්‍රීලනිපය නිසි මාවතට ගැනීමට අපේක්ෂා කරන බව එම සාමාජිකයා වැඩිදුරටත් පැවසීය.