2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

සජිත්ට කැම්පේන් තුනක්!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 597

ගයාන් ගාල්ලගේ l

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හංසයා ලකුණින් තරග වදින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ප්‍රචාරක වැඩසටහන් තුනක් ක්‍රියාත්මක වන බව එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.

එක් ප්‍රචාරක වැඩසටහනක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එක්සත් ජාතික පක්ෂය විසිනුත්, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ වෙනුවෙන් තවත් වැඩසටහනකුත්, තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ප්‍රචාරක වැඩසටහනකුත් ලෙස මෙම කණ්ඩායම් තුන ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.

මහජන රැලි, කුඩා රැස්වීම්, දැන්වීම්, සමාජ මාධ්‍ය හැසිරීම්, සම්මුඛ සාකච්ඡා වශයෙන් බෙදා එම ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.