2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

නව දෙනෙක් ඇප මුදල් බඳිති

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 228

හසිත් අංජන l

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් 9 දෙනෙක් පසුගිය සිකුරාදා සවස වන විට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇප මුදල් තැන්පත් කර සිටියහ.

ඒ අනුව මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 5 ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4ක්ද වශයෙන් 9 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය වෙනුවෙන් ආචාර්ය අජන්තා පෙරේරා, අපේ ජනබල පක්ෂය වෙනුවෙන් වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ආරියවංශ දිසානායක, එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය යන මහත්ම මහත්මීන් පිළිගත් දේශපාලන පක්ෂ වලින් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබේ. අපරුක්කේ පුඤ්ඤානන්ද හිමි ද, ජයන්ත කැටගොඩ, එස්.අමරසිංහ සහ මිල්රෝයි පෙරේරා යන මහත්වරු ද ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.