අධිකරණ වාර්තාකරු l
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීමට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් දියත් කර ඇතැයි තමන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේ සංචාරක වීසාවකින් මෙරටට පැමිණ දේශපාලන කටයුතු කරමින් වරදක් කර ඇතැයි යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැන අදහස් දක්වමිනි. සී.අයි.ඩීයට මේ ගැන ලැබුණ පැමිණිල්ලක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගැන කරුණු වාර්තා කළ පසු මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ මේ ගැන විධිමත් විමර්ශනයක් කරගෙන පැමිණෙන ලෙස යැයි කී රාජපක්ෂ මහතා මෙය විපක්ෂ අපේක්ෂකයන් මර්දනයට ගෙන යන ක්‍රියාදාමයක් යැයිද කීය.