දේශපාලන වාර්තාකරු I
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 14 දෙනෙක් තරග කරන බව තමන් වෙත දන්වා ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.
මැතිවරණ කොමිසම පසුගියදා සෑම පක්ෂයක් වෙතම ලිපි යවමින් එකී පක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේදැයි විමසූ බව වැඩිදුරටත් පැවසූ සභාපතිවරයා දැනට ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකු දන්වා ඇති අතර තවත් පක්ෂ 12කින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා ඇතැයි ද කීය. එහෙත් මේ දැන්වීම අනුව අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඒ ඒ පක්ෂවල තීරණයක් යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.