I දේශපාලන වාර්තාකරු
එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කැඳවා ඇති පළාත් පාලන ආයතන මන්ත්‍රීන්ගේ විශේෂ හමුව මෙම සති අන්තයේ (07 සෙනසුරාදා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් දැනටමත් අදාළ පළාත් පාලන නියෝජිතයන්ට ආරාධනා පත්‍ර යවා තිබේ.
මෙම 06දා පැවැත්වීමට නියමිතව තිබූ එ.ජා.ප.යේ වාර්ෂික සම්මේලනය වෙනුවට පක්ෂ සමරුවක් මෙවර පැවැත්විණි. එවන් මොහොතක සජිත් මෙලෙස පළාත් පාලන නියෝජිතයන් කොළඹට කැඳවා ඇත්තේ සුහද හමුවක් සඳහා බව කියැවේ. එහෙත් මෙම හමුවේදී ඉදිරි ජනාධිපති වරණ අපේක්ෂකයා පිළිබඳ යෝජනාවක් සම්මත කරගැනීමට ඉඩ ඇතැයි සජිත් පිලේ ආරංචි මාර්ග සඳහන් කරයි.