2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

රැලි තිබ්බට නායකයෝ බිහිවෙන්නෙ නෑ - ඇමැති වජිර අබේවර්ධන

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

හසිත් අංජන l

මහජන රැලි පවත්වා එමගින් ජනාධිපති අපේක්ෂකයන් තෝරන්නට යාම විහිළුවක් බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දේශයට පැවසීය. කොපමණ මහජන රැලි තැබුවද ඒවා මගින් නායකයන් බිහිවන්නේ නැතැයි ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට විධිමත් ව්‍යවස්ථාවක් ඇති බවත් එම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම පක්ෂයේ සියලු දෙනාගේ වගකීම බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ දී මෙරට සුළු පක්ෂ හැසිරෙන ආකාරය පිළිබඳ මනා අවබෝධයකින් එජාපයේ මැති ඇමැතිවරුන් කටයුතු කළ යුතු අතර ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරවීමේදී සුළු පක්ෂවල අදහස් උදහස් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ද මැතිවරණය ජයග්‍රහණයට වැදගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.