I ජයන්ත සමරකෝන්
වහාම ක්‍රියාත්මක වන පරිදි මූලස්ථානය වෙත ස්ථාන මාරු කරන ලද ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා දින 14ක් ගතවීත් අදාළ මාරුව පරිදි සේවයට රපෝර්තු කර නොමැති බවට බන්ධනාගාර මූලස්ථානය විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත.
මේ වනවිට එම නිලධාරියා විසින් බන්ධනාගාර නිලධාරීන් දෙසීයකට අධික පිරිසකගේ අත්සන් සහිත ලිපියක් මගින් මෙම ස්ථාන මාරැව අවලංගු කර දෙන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇතැයි පැවසේ.
ගාල්ල බන්ධනාගාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා එහි අධිකාරිවරයා ස්ථාන මාරුකර තිබිණි. එහිදී වැඩ තහනමකට ලක්වූ පසුව වැලිකඩ පුහුණු පාසල වෙත මාරුකර යවා සිටි එහි ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ රුවන් තිහාර ජයරත්න මහතා ඉකුත් 3දා අම්බලන්ගොඩදී ඝාතනයට ලක්වීමත් සමගම, මෙම අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරනු ලැබ සිටියේය.
මේ වනවිට අදාළ උසස් නිලධාරිවරයා සිය ස්ථාන මාරුව අවලංගු කර ගැනීම සඳහා දේශපාලනඥයන්ගේ සහාය ලබාගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටින බවද වාර්තාවේ. මේ පිළිබඳව කරන ලද විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා කීවේ අදාළ නිලධාරියා සම්බන්ධයෙන් අමාත්‍යංශයට දැනුම් දී ඇති බවය.