2019 ජුලි 27 වන සෙනසුරාදා

වැඩිකල විශ්‍රාම වැටුප හමුදාවේ ලක්ෂයකට නෑ

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 227

I ජයන්ත සමරකෝන්

2017.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂයකගේ පමණ වැටුප් විෂමතාවය නිවැරදි කරන බවට රජය පුනා පුනා ප්‍රකාශ කළද ලබන අගෝස්තු මාසයේ සිට හෝ එය නොලැබෙන බව එම විශ්‍රාමිකයෝ පවසති.

මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැටුප් ලිපිකරුවන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ මේ පිළිබඳව කිසිදු උපදෙසක් මෙතෙක් ලැබී නොමැති බවකි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙක් පැවසුවේ. 14/2019 හා 2019/05/31 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් මේ සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදී ඇති වගය.

පනාගොඩ යුද හමුදා වැටුප් හා දීමනා අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිග්‍රේඩියර් වේරගොඩ මහතාගෙන් මේ පිළිබඳව කරන ලද විමසීමේදී යුද හමුදා විශ්‍රාමිකයන් 51,000ක ගේ (2017 පෙර විශ්‍රාම ගිය) පමණ විශ්‍රාම වැටුප් ගැලපීම් පිළිබඳ විස්තර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යවා ඇති බව කියා සිටියේය.