I දේශපාලන වාර්තාකරු
හදිසියේ පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට වඩා නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම කාලෝචිත බව කතානායක කරු ජයසූරිය මහතා දේශයට පැවසීය.
මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් කතානායකවරයා කීවේ පසුගියදා පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදීත් මේ අදහස සාකච්ඡා වූ බවයි. ගිය සතියේ අගමැති, විපක්ෂ නායක සහ කතානායකවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසුණු අවස්ථාවේදීත් සියලුදෙනාගේ අදහස වූයේ පළාත් සභා ඡන්දය නොව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ප්‍රකාශ කර තිබිණි.