2019 ජුලි 20 වන සෙනසුරාදා

ජගත් මුස්ලිම් සමුළුව ශ්‍රී ලංකාවේ

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

I ජේ.ඒ.එල්. ජයසිංහ

2019 ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනය එළඹෙන ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවේදී පවත්වන්නට සියලු කටයුතු යොදා තිබේ.

මෙම ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනය කොළඹදී පැවැත්වෙන අතර එම සම්මේලනය සඳහා සංගමයේ මහ ලේකම්වරයාද සහභාගී වන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.

මෙම සම්මේලනය කොළඹදී පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාගේද පූර්ණ සහාය ලැබී තිබෙන බවත් සම්මේලනය ආරාධිතයන් ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ටත්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඇතුළු සියලුම ආගමික නායකයන්ටත් ඇරයුම් කරන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.