2019 ජුනි 29 වන සෙනසුරාදා

දෙමළ ඉස්ලාම් අන්තවාදී හවුලක් - චම්පික අනතුරු අඟවයි

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

I දේශපාලන වාර්තාකරු

යුරෝපයේදී ඉස්ලාම් අන්තවාදී කොටස් හා දෙමළ අන්තවාදී කොටස් එක්වී විශේෂ සංවිධානයක් ස්ථාපිත කර ඇතැයි බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දේශයට කීය.

මෙලෙස එල්.ටී.ටී.ඊ. සහ අයි.එස්. සංවිධානය එක්ව මෙරටට විවිධ බලපෑම් කිරීම සඳහා සැරසෙන බවද ඔහු සඳහන් කළේය. ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මෙරටදී දෙමළ සමාජය සහ සිංහල සමාජය අත්වැල් බැඳ ගනිමින් සිටියදී මෙලෙස ජාත්‍යන්තර වශයෙන් දෙමළ සහ ඉස්ලාම් අන්තවාදීන් එක්වී කරන කටයුතු ගැන වගකිවයුතු අංශ අවධානය දැක්විය යුතු යැයිද අමාත්‍යවරයා කීය.