I හසිත් අංජන
වතු කම්කරුවන්ට රුපියල් 50ක වැටුප් වර්ධකයක් ලබාදෙන බවට ප්‍රතිඥා දී මාස ගණනක් ගතවී ඇතත් රජය එම පොරොන්දුව කඩකර ඇති බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
මෙම වැටුප් ඉල්ලීම සම්බන්ධව වැවිලි කර්මාන්ත ඇමතිවරයාගෙන් විමසූ විට මුදල් අමාත්‍යවරයාගෙන් විමසන්න යැයි කියනා අතර මුදල් අමාත්‍යවරයාගෙන් විමසූ විට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගෙන් විමසන්න යැයි කියමින් බෝල පාස් කිරීමට එරෙහිව මෙවර කැබිනෙට්ටුවේදී විරෝධය පළ කළ බව ඇමැතිවරයා කීය.
දැනට විදේශගතව සිටින වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙරටට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කොට වතු කම්කරුවන්ගේ මෙම පුංචි ඉල්ලීම ඉටුකර නොදුනහොත් ඉදිරියේදී කම්කරු ජනතාව දැනුම්වත් කොට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.