I ගයාන් ගාල්ලගේ
ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් පොදු සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂයේ නායකයන් විසින් තීරණය කර තිබේ.
එකී පොදු සන්ධානය හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඉදිරියේ අනෙකුත් පක්ෂ සමඟ පවත්වන නිල නොලත් සාකච්ඡා හරහාත් ජනපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව අනුව පිරිස එක් කරගන්නා බවද මේ සාකච්ඡා අතර සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.