2019 ජුනි 22 වන සෙනසුරාදා

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා අගෝස්තු 11 දා!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 07:50 98

I දේශපාලන වාර්තාකරු

මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් කර නොමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ලබන අගෝස්තු 11දා ප්‍රකාශයට පත් කෙරේ.

පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම තීන්දුව ගත්තේ මේ සතියේ පැවති විශේෂ රැස්වීමකදීය. පොහොට්ටුවේ වාර්ෂික පක්ෂ මහ සමුළුව අගෝස්තු 11දා හිටපු ජනාධිපති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එදිනට නියමිත කටයුතු අතර ප්‍රධාන වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා රටට හඳුන්වා දීමය.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00