2019 ජුනි 15 වන සෙනසුරාදා

තෙල් සංස්ථාවෙන් බැංකු දෙකකට කෝටි පනස්හයදාහක පොලු

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 256

I සංජීවිකා සමරතුංග

ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් කෝටි 56,200ක් ණය ගෙවීමට ඇතැයි මුදල් අමාත්‍යංශයේ 2018 වාර්තාව සඳහන් කරයි.

දේශයට වාර්තා වන ආකාරයට මෙය මෑත ඉතිහාසයේ ඛණිජතෙල් සංස්ථාව පෙන්වූ විශාලතම ණය බරයි. මුදල් අමාත්‍යංශ වාර්තාව අනුව පසුගිය රජය කාලයේ පටන් දිගටම ලාභ ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2018 දී රුපියල් කෝටි 1500ක පමණ අලාභයක් ලැබීය. විදුලිබල මණ්ඩලය කෝටි 3000ක්ද ශ්‍රීලන්කන් ගුවන් සේවය රුපියල් කෝටි 1700ක්ද අලාභ ලබා ඇත.

එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ පාඩුපිට පවත්වාගෙන ආ ලංගමය 2018දී රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීම විශේෂ කරුණකි. මේ හැර ගුවන් තොටුපොළ සමාගමද රුපියල් කෝටි 1000ක ලාභයක් 2018දී හිමිකරගෙන තිබේ.