2019 ජුනි 15 වන සෙනසුරාදා

විශ්වාසභංගයට පක්ෂ එක්ක කතා නැහැ - ජ.වි.පෙ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පිළිබඳව පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් සමඟ සාකච්ඡා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

විශ්වාසභංගය තම පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් රටට ආදරේ සහ ආණ්ඩුවට විරුද්ධ අය මේ විශ්වාසභංගයේදී ඡන්දය ලබාදීම හරහා හෙළිවන බවත් හෙතෙම කීය. ඒ නිසා කිසිවකු සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විශ්වාසභංගය සඳහා වූ විවාදය ලබන මස 10 සහ 11 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත.