දේශපාලන වාර්තාකරු I
කෙටි නිල චාරිකාවක් සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා සහ දෙමළ සන්ධාන නායකයා මුණගැසෙන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන ඉන්දීය නායකයා වෙත පිරිනැමෙන උත්තමාචාරයෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක්වෙයි. අනතුරුව ජනාධිපතිවරයා විසින් පිරිනමන නිල දිවා භෝජන සංග්‍රහය පැවැත්වෙයි. ඊට අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා ප්‍රමුඛ ප්‍රභූහු එක්වෙති. අනතුරුව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහත්වරුන් මුණගැසීමට නියමිතය. මෙම සාකච්ඡාවෙන් පසු මෝදි මහතා නැවතත් නවදිල්ලිය බලා පිටත්ව යනු ඇත. ඔහුගේ මෙම චාරිකාව පැය 4කට සීමාවීම විශේෂයකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ රාජ්‍ය නිල චාරිකාවේ පරිවාර අමාත්‍යවරයා ලෙස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.