2019 ජුනි 01 වන සෙනසුරාදා

පාසල් ආරක්ෂාවේ තීන්දුව මාපියන් අතේ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

සමන්ත විල්තෙර I

පාසල් අසල දෙමාපිය ආරක්ෂාව සැපයීම කවර දිනයක් දක්වා පවත්වාගෙන යාම අවශ්‍ය වේදැයි විදුහල්පති සහ මවුපියන් විසින් තීරණය කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට කීය.

මවුපියන් හා තෝරාගත් ඉහළ පන්තිවල සිසු සිසුවියන් පිරිසක් පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂාවට යොදවා සිටිති. එය කෙතෙක් දුරට සිදුකළ යුත්තේද තීරණය කළ යුත්තේ විදුහල්පති සහ දෙමාපියන් විසිනි.

අවශ්‍යතාව පරිදි පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂාව සැපයෙන අතර ගිනිඅවි සහිත නිලධාරීහු යොදවනු ලැබ සිටිති. පොලිස් ජංගම සංචාර, යතුරුපැදි සංචාර හා පාසල් අවට විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරයි. ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසල් පාසල් ආරක්ෂක කමිටුවල සහාය ලැබෙන අතර පැතිරෙන කටකතාවල සත්‍යතාවක් නොමැති බවත් ඒවාට නොරුවටී දරැවන් පාසල් යැවීමට කටයුතු කරන ලෙසත් පොලීසිය දන්වයි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00